පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ''හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය '' පළමු වතාවට සිදුකරන ගෙවතු ජාතික වැඩසටහනක් - කෘෂිකර්ම අමාත්‍ය

    මාර්තු 29, 2022

    ''හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය '' පළමු වතාවට සිදුකරන ගෙවතු ජාතික වැඩසටහනක් බවද, මෙපමණ ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් අවශ්‍ය සියලු සහාය, තාක්ෂණය සියල්ල ලබාදෙමින් ආරම්භ කරන අවස්ථාවක් බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේය.

    ඔහු මේ බව කියා සිටියේ, (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී හෙට (29) ඇරඹීමට නියමිත හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය පිළිබද හදුන්වාදීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    රජය පසුගිය ජනවාරි මාසයේ හරිත දැයක් ජාතික ගෙවතු සංග්‍රාමය වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කළ බවද, එම වැඩසටහනේ ජාතික උත්සවය (29) උදෑසන හෝමාගම කහතුඩුව ග්‍රාමයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේය.

    එයට සමගාමීව ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331 ම එම වෙලාවටම මෙවැනි උත්සව පැවැත්වීමට මෙවැනි උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇතැයිද ඔහු පැවසුවේය. මේ සදහා ලංකාවේ ග්‍රාමසේවා වසම් 14041ම මිලියන 2.2ක් පර්චස් 20ට අඩු පුද්ගලයන් තෝරාගෙන මෙම වැඩසටහනට ඇතුලත් කර ඇතැයිද, මෙම වැඩසටහන මගින් අංග 02කින් භාණ්ඩ බෙදාදීමට බලාපොරොත්තු වන බවද, එක පවුලකට පැල වර්ග 04කින් යුතු බීජ පැකට් කට්ටලයක් සහ එයට අවශ්‍ය සියලු තාක්ෂණය ලබාදෙන බවද කියා සිටියේය.

    මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් පර්චස් 20 ගෙවතු වගාකරුවන් පවුල් මිලියන 2.2ක් හදුනාගැනීම මගින් මෙම වැඩසටහන අවසන් වන විට අක්කර 275,000ක් ජාතික වැඩසටහනට ඇතුලත් කරගන්නා බවද, ඒ අනූව ජාතික නිෂ්පාදනයට අලුතින් එකතු වන භූමිය අක්කර 275,000ක් බවද සදහන් කළේය.

    පසුගිය වකවානුවේ රටේ ආහාර හිගයක් ඇතිවෙතැයිද කෑම අඩුවෙතැයිද යනුවෙන් විවිධ මත සෑදුණු බවද, විවිධ චෝදනා එල්ල වුණු බවද සිහිපත් කළ අමාත්‍යවරයා රටේ කිසිදු ආහාර හිගයක් ඇතිවීමට හේතුවක් නැතැයිද, රටේ වී වගා කළ භූමිය මෙන්ම එළවළු වගාකළ භූමිය දෙස බැලුවත් එසේ නොවන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස වගකීමකින් කිව හැකියැයි අවධාරණය කළේය. ජාතික හරිත වගා ගෙවතු සංග්‍රාමය යටතේ මෙලෙස ක්‍රියාත්මක කරන ක්‍රමය තුළින් තවත් අක්කර 275,000ක් මෙම ජාතික වැඩසටහනට ඇතුලත් වන අතරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් මෙය ක්‍රියාත්මක වන බවද සදහන් කළේය.

    සෑම ග්‍රාමසේවා නිලධාරී වසමකම මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මෙයට අවශ්‍ය පැල සියල්ලම සමෘද්ධි අමාත්‍යංශය හරහා ලබාදෙන බවත් පැල තවාන් 12,000ක් සම්බන්ධ කරගනිමින්
    එම පැල තවාන් හරහා සියලුම පැල බෙදාහැරීම් සමෘද්ධි අමාත්‍යංශය හරහා සිදුකෙරෙන බවද කියා සිටියේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා අවශ්‍ය බීජ ලබාදීම සිදුකෙරෙන අතර ඉඩම් ඇමතිතුමත්, මහවැලි සංවර්ධන ඇමතිතුමත් එයට අවශ්‍ය ඉඩම් ලබාදීමත් අධීක්ෂණයත් සිදුකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම කටයුත්ත සාර්ථකව ඉටුකරගැනීමට   සියලු ක්ෂේත්‍ර වලින් ඉල්ලීමක් කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya