“හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022” සම්බන්ධයෙන් තොරතුරු හෙළිකිරීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (28) පැවති ප්‍රවෘත්ති
සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
රාජ්‍ය ආයතන සතු ඉඩම් යොදාගෙන “හරිත දැයක් වගා සංග්‍රාමය - 2022” වෙනුවෙන් ඉතා විශාල වැඩකොටසක් කළ හැකි බවත්, අප මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ජනතාවගේ ආහාර වෙනුවෙන් ගෙවතු වගාවට සුවිශේෂී ස්ථානයක් ලබාදිය යුතු බවත්, අතීතයේ සිට මෙරට ජනතාව ගෙවතු වගාවට හුරුවී සිටි බවත් ඉඩම් අමාත්‍යවරයා පැවසීය.
එහෙත් අද වන විට ජනතාව ගෙවතු වගාවෙන් ඈත්ව සිටින බවත්, සියලුදෙනා වෙළඳපොලට ගොස් එළවලු ලබාගැනීමට හුරුවී සිටින බවත්, එම නිසා ජනතාව ගෙවතු වගාවට හුරු කිරීමට “හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022” ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පැවසීය.
මින් ඉදිරියට එන සෑම වරසරකම ගෙවතු වගාව ක්‍රියාත්මක කරන බවත්, “හරිත දැයක් ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022”ට උපකාර කරන ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීම් කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.