පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය නාට්‍ය උලෙළ - 2021 සම්මාන ප්‍රදානෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

    මාර්තු 29, 2022

    රාජ්‍ය නාට්‍ය උලෙළ - 2021 සම්මාන ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී (27) රාත්‍රියේ දී පැවැත්විණි.

     

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මූලිකත්වයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව 49 වැනි වරට රාජ්‍ය නාට්‍ය උලෙළ - 2021 සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබිණි.

    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය විසින් මෙහි දී සමරු කලාපය හා 90 දශකයේ නාට්‍යකරුවන් පිළිබඳ ලියැවුණු අභිනය කලාපය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබුවාය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙහිදී නාට්‍ය කීර්තී සම්මාන ප්‍රදානය සිදු වූ අතර එෆ්.ජූල්ස් කොලින්, ලලිතා සරච්චන්ද්‍ර, නීල් අලස් මහත්ම මහත්මීහු මෙසේ නාට්‍ය කීර්ති සම්මානයෙන් පිදුම් ලැබූහ.

    වසරේ හොඳම නළුවා ලෙස කෙටි නාට්‍ය (සිංහල) දේශාන් සේනාරත්න, වසරේ හොඳම නිළිය කෙටි නාට්‍ය (සිංහල) ආශංසා පීරිස්, වසරේ හොඳම නළුවා සම්මානය දිගු නාට්‍ය (සිංහල) සමිත සුධීෂ්වර, වසරේ හොඳම නිළිය දිගු නාට්‍ය (සිංහල) නිපුණි ශාරධා පතිරගේ සම්මානයට පාත්‍ර වූහ.

    සිංහල හා දෙමළ නාට්‍යට අදාළව කුසලතා සහතික, ජූරියේ විශේෂ සම්මාන ඇතුළුව සම්මාන 96ක් මෙහි දී පිරිනැමිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya