ජූනි 01, 2025
tami eng youtube  twitter facebook

    පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්නක් පාලනය කිරීමට නාවික හමුදා සහාය

    මාර්තු 29, 2022

    පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ දිගිලිය කන්ද රක්‍ෂිතයේ 2022 මාර්තු මස 27 රාත්‍රීයේ හටගත් හදිසි ගින්නක් පාලනය කිරීම සඳහා නාවික හමුදාව සහය ලබා දෙන ලද අතර, (මාර්තු 28) ගින්න පැතිරීම වැළැක්වීමේ කටයුතු නාවික හමුදාව විසින් සිදු කෙරෙමින් පවතී.

    පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ දිගිලිය කන්ද රක්‍ෂිතය තුළ හදිසි ගින්නක් පැතිර යන බවත්, එම ගින්න නිවීම සදහා නාවික හමුදාවේ සහය ලබා දෙන ලෙසත්, පොල්පිතිගම පොලිස් ස්ථානය මඟින් වයඹ නාවික විධානයේ ආඥාපති වෙත 2022 මාර්තු මස 27 රාත්‍රීයේ දැනුම් දීමක් සිදු කරන ලදී.

    ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව වයඹ නාවික විධානයේ නාවික ස්ථානගතකිරීම මහවට අනුයුක්ත නාවික පුද්ගලයින් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්ණි ආයතනයට අයත් ගිනි නිවීමේ රථයක් අදාල ගින්න පාලනය කිරීම සඳහා 2022 මාර්තු මස 27 වන දින රාත්‍රීයේ පොල්පිතිගම, මාඑළිය ප්‍රදේශයේ දිගිලිය කන්ද රක්‍ෂිතය වෙත යොමු කරන ලද අතර, එහිදි මහත් පරිශ්‍රමයක් යොදා (2022 මාර්තු 28) උදෑසන වන විට ගින්න පාලනය කිරීමට කටයුතු කෙරිණි.

    තවද,  (2022 මාර්තු 28) සන්ධ්‍යාව වන විට ප්‍රදේශයේ පවතින වියළි කාලගුණික  තත්ත්වය හමුවේ එම රක්‍ෂිතයේ නැවතත් ඇති වූ සුළු ගිනි ගැනීම  පාලනය කිරීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් ප්‍රදේශයේ රැදී සිටින අතර, මේ වන විට එම ගින්න පැතිරීම වළක්වා පාලනය කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya