පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    පාරම්පරික වෛද්‍යවරුන් 175කට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය

    මාර්තු 29, 2022

    දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 175 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකපත්‍ර පිරිනැමීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම නාවින්න ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේදී පසුගියදා සිදුකෙරිණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් දේශීය වෙදමහතුන් දේශීය වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචි කිරීමට ක්‍රමවේදයක් සැකසීම යන්න සාක්ෂාත් කරලීමේ අරමුණින් මෙම පාර්ම්පරික වෛද්‍යවරුන් උදෙසා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට වැඩපිළිවෙල ක්‍රියාත්මක විය. ඒ අනූව වයස අවුරුදු 45ට වැඩි සුදුසුකම් ලත් පාර්මපරික වෛද්‍යවරුන් උදෙසා වාචික පරීක්ෂණයකට ඉදිරිපත් වීමෙන් පමණක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත හැකි අතර වයස අවුරුදු 45ට අඩු පාරම්පරික වෛද්‍යවරුන් උදෙසා ලිඛිත සහ වාචික පරීක්ෂණ වලට ඉදිරිපත්ව ලියාපදිංචිය ලබාගත යුතු වේ.

    පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් මට්ටමෙන් පාරම්පරික වෛද්‍යවරුන් වෙත ගොස් ඔවුන්ගේ දැනුම, දක්ෂතාවය, පළපුරුද්ද පිළිබඳ වාචික පරීක්ෂණය සිදුකර තිබෙන අතර ඒ අනූව සාමාන්‍ය සර්වාංග වෛද්‍යවරුන් යටතේ 46 දෙනෙකු සහ විශේෂ වෛද්‍ය ගණයට අයත් කැඩුම් බිදුම්, ගෙඩිවන,චර්ම, මානසික, දැවුම් පිළිස්සුම්, සර්ප විෂ හා අක්ෂි රෝග යන කාණ්ඩ යටතේ වෛද්‍යවරුන් 129 දෙනෙකු සදහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම සිදුවිය.

    මෙම අවස්ථාවට පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීන්, පාරම්පරික වෛද්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya