ජූනි 03, 2025
tami eng youtube  twitter facebook

    කලාකරුවන් 200ක් කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලබයි

    මාර්තු 29, 2022

    විවිධ කලා ක්ෂේත්‍රයන් ඔස්සේ දස්කම් දක්වමින් විශිෂ්ඨ සේවාවක් ඉටුකළ කලාකරුවන්ට උපහාර පිදීමේ අරමුණෙන් පවත්වනු ලබන 2021 කලා භූෂණ රාජ්‍ය සම්මාන උත්සවය 2022 මාර්තු මස 31 වනදා පෙ. ව. 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය

    මෙහිදී ශ්‍රී ලාංකීය කලාකරුවන් 200ක් කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි.

    අග්‍රාමාත්‍ය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික උරුම ප්‍රාසාංග හා ග්‍රාමීය කලාශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ක්‍රිස්තියානි ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර ඇත.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya