ඖෂධ හා උපකරණ හිගය හේතුවෙන් සැලසුම් කළ ශල්‍යකර්ම අත්හිටුවීමට පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අද (29) මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
පේරාදෙණිය රෝහලේ ශල්‍යකර්ම නැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ නියොස්ටික්මින් නැමති ඖෂධය නැති බව හුවා දක්වමින් බවද, කී අමාත්‍යවරයා, මෙම ඖෂධය වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබෙන බවද, නමුත් කිසිදු අවස්ථාවක ඔවුන් එම ඖෂධය ලබාගැනීමට කටයුතු කර නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
මේ වන විට එම ඖෂධය එම රෝහලට යැවීමට කටයුතු කර ඇතැයිද මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කටයුතු කරන බවද මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ය.