අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දිලුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ දැමීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
මේ වන විට දුම්රිය ධාවනය සඳහා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදල ගෙවා ගැනීමට නොහැකි තත්වයක් පවා ඇතිවී තිබෙන බවත්, වසරකට රුපියල් බිලියන 04ක් පමණ පාඩුවත් තිබෙන බවත්, එහි අහිතකර බලපෑම අවම කර ගැනීමට අඩුම මුදලකින් ප්‍රවේශපත් ගාස්තුව වැඩි කිරීමට කටයුතු කළ බවත්, දිලුම් අමුණුගම මහතා පවසයි.