පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    “හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමයට අගමැති එක්වෙයි

    මාර්තු 30, 2022

    “හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිර පරිශ්‍රයේ කොස් පැලයක් රෝපණය කරයි

    “හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022 ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ( 29) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී කොස් පැලයක් රෝපණය කළේය.

    පෙරවරු 9.18 යෙදුණ සුභ මොහොතින් හිරෝසා ප්‍රබේදයට අයත් කොස් පැලයක් මෙසේ අග්‍රාමාත්‍යතුමා විසින් මෙහිදී රෝපණය කරන ලදි.

    වස විසෙන් තොර පෝෂණයෙන් පිරි නැවුම් එළවළු හා පළතුරු, පලාවර්ග, අලවර්ග ඇතුළු බෝග සිය ගෙවත්තෙන්ම සපයා ගැනීමට සැලසීමත් ඒ තුළින් නිරෝගී හා ස්වයංපෝෂිත පවුල් ඒකකයක් බිහිකිරීමේ අරමුණ ඇතිව “හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය ක්‍රියාත්මක වේ.

    මෙම ජාතික වැඩසටහන අනුව යමින් අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා දේශීය සැපතිල්ලා පැලයක් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න මහතා බිබිලේ ස්වීට් ප්‍රබේදයට අයත් දොඩම් පැලයක් අරලියගහ මන්දිර පරිශ්‍රයේ රෝපණය කළහ.

    මෙම ගෙවතු වගා වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 22ක් සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇත.

    ඒ අනුව සතියක කාලයක් පුරා සෑම ග්‍රාම නිලධාරී වසමකම සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පැල තවාන්වල රෝපිත එළවළු පැල වර්ග එම වසම්වල ප්‍රතිලාභීන් වෙත බෙදා හැරීමට ද නියමිතය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya