පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපති පස්වැනි බිම්ස්ටෙක් සමුළුව අමතයි

    මාර්තු 30, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සමුළුව ඇමතීම ආරම්භ කළේ ය.

    බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ලබන සතියේ 2022 මාර්තු 28-30 දිනවල දී දෙමුහුන්ආ කාරයෙන් කොළඹ දී පැවැත්වීය.

    2022 මාර්තු 28 සහ 29 යන දිනවල බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, මියන්මාර විදේශ අමාත්‍යවරයා අතථ්‍ය ලෙස ඊට සහභාගී විය.

    බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල නායකයින්ගේ අතථ්‍ය සහභාගීත්වයෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති 2022 මාර්තු 30 වන දින 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ මුලසුන හොබවනු ඇත. සමුළුව සහ ඊට පෙර පැවැත්වෙන රැස්වීම් අතරතුර දී, නියෝජිතයින් විසින් බිම්ස්ටෙක් හි ප්‍රගතිය පිළිබඳව කලාපීය කණ්ඩායමක් ලෙස සාකච්ඡා කරනු ඇත. මෙම සමුළුවේ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya