පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් යළි ආරම්භ කරනවා- ඇමති ප්‍රසන්න රණතුංග

    මාර්තු 30, 2022

    රක්ෂණ ආවරණ ගැටළුවක් හේතුවෙන් අත් හිටවු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රුසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට කටයුතු කරනවා- ඇමති ප්‍රසන්න රණතුංග

    රක්ෂණ ආවරණ ගැටළුවක් හේතුවෙන් අත් හිටවු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සදහා විකල්ප රක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා සාකච්ඡා කරමින් සිටින බව ද ඇමතිවරයා කියයි.


    ශ්‍රී ලංකන් ගුවන් සමාගම ක්‍රියාත්මක කළ කොළඹ - මොස්කව් සෘජු ගුවන් ගමන් (28) සිට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කෙරිණ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා රක්ෂණය කර ඇති බ්‍රිතාන්‍ය ගුවන් සමාගම රුසියාවට ගමන් කරන ශ්‍රී ලංකන් ගුවන් යානා රක්ෂණය අවලංගු කිරිමට ගත් තීරණය ඊට හේතුවිය.

    මෙය ශ්‍රී ලංකා රජය විසින් ගනු ලැබූ තිරණයක් නොවන අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාලනයෙන් බැහැර සිදුවීමක් හේතුවෙන් අදාළ ගුවන් සමාගමට මුහුණ පෑමට සිදු වු තත්ත්වයක් බව අවධාරණය
    කරන ඇමතිවරයා රුසියාව හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් අත් හිටුවීම රජයට සිදු වූ බලපෑමක් නිසා සිදු වු බවටත්, රුසියාවට එරෙහිව ගත් තීරණයක් බවටත් පළවන මාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තා
    සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව හා රුසියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළේ පසුගිය වසරේ ජුලි 31 වනදායි. සතියකට ගුවන් ගමන් වාර 02 ක් කොළඹ හා මොස්කව් අතර ඒ අනුව ක්‍රියාත්මක කෙරිණි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya