පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    "හරිත දැයක්" ජාතික ගෙවතු වගා සංග්‍රාමය සුභ මොහොතින් සමාරම්භය සනිටුහන් කරයි

    මාර්තු 30, 2022

    ආනයන යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයක් කරා රජය ගෙනයන වැඩපිලිවෙල යටතේ සෑම නිවසකම ආහාර භෝගයක් හෝ කිහිපයක් වගා කිරීමේ ජාතික සංග්‍රාමය ඊයේ (29) උදෑසන සුභ මොහොතින් ඇරඹිණි.

    පොල්ගස්ඕවිට, කහතුඩුව ප්‍රදේශයෙන් සමාරම්භය සටහන් වූ මෙම "හරිත දැයක්" ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ ඉඩම් පර්චස් 20 ට අඩු ජනතාව වෙනුවෙන් ගෘහාශ්‍රිතව වගාකරගත හැකි පළතුරු, එළවළු, හෙළ ඔසු පැල සහ බීජ ලබාදෙයි.

    මෙය ඊයේ (29) ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ක්‍රියාත්මක වූ අතර මෙම ක්‍රියාදාමය මගින් ජනතාවට තමන්ගේ ගෙවත්තෙන් තමන්ටම ඵලදාවක් ලබාගැනීමේ අවස්ථාව සැළසෙනු ඇත.

    කෘෂිකර්ම අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, වෙළඳ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාවට නංවන අතර මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ,කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිළධාරීන් සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya