අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරයේ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වී තිබේ.
එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ආරම්භ කළ පාවෙන තෙත්බිම් වැඩසටහනේ ප්‍රගතිය සොයාබැලීමට රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ද සිල්වා
මහතා විසින් ඊයේ (29) කටයුතු කළේ ය.
පී.වී.සී. බට, උණ බට, ෆෝම් මෙට්ට පාවෙන ආධාරක ලෙස යොදාගනිමින් කැනාස්, සැවැන්දරා සහ හෙලිකෝනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පරීක්ෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇත.
පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදු වේ. එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම, ජලය මත යැපෙන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වේ.
ජලය මතුපිට අලංකරණය ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභයකි. මැසි මඳුරු උවදුර හේතුවෙන් ඇතිවන ලෙඩ රෝග පාලනය සඳහා වක්‍ර මෙහෙවරක් මෙමගින් අපේක්ෂා කරන අතර අදාළ ජල ප්‍රදේශය තුළ මත්ස්‍ය ඝණත්වය ඉහළ නැංවීම වැනි ප්‍රතිලාභ රැසක් ඉතා සුළු පිරිවැයකින් ළඟා කර ගත හැකිය.
මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍යාංශය ලේකම් අනිල් විජේසිරි, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති කොමදෝරු හිරාන් බාලසූරිය , සාමාන්‍යාධිකාරී ශ්‍රීමති සේනාධීර, ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය එන්.එස්. විජේරත්න යන මහත්ම මහත්මීහු සහ ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.