එහි දෙවැනි අදියර වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් කොබෙයිගනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මීගස්වැව මහවැව අබියස ආරම්භ කෙරිණී.
සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් පත් කරමින් වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කර මෙරට වාරි කර්මාන්තය නංවාලීමේ ඇරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ.
ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත අතර අප්‍රේල් මස දෙවැනි සතියේදී පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලද වැව් 100 බැගින් ආරම්භ කෙරේ.
විධීමත් සැළසුමක් මත රාජ්‍ය ආයතන ගණනාවක් මෙන්ම ගොවි සංවිධාන ඇතුළු ප්‍රජා සංවිධානවල දායකත්වය ඇතිව වසර 4ක් ඇතුළත ග්‍රාමීය වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කොට ගොවි ජනතාවට අවශ්‍ය පරිදි ලබා දීමෙන් මෙරට වී ඇතුළු වාර්ෂික කෘෂි නිෂ්පාදන අගය ඉහළ යනු ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වාරි සෞභාග්‍යා දෙවැනි අදියරට සුබ පැතුම් පණීවිඩයක් එක් කරමින් පැවසීය.
මෙම වර්ෂයේදීද වැව් 2000ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර නිම කිරීමට අපේක්ෂීතයි. දැනට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය වැව් 15000ක් පමණ සහ ග්‍රාමීය අමුණු 15000ක් වැඩි ප්‍රමාණයක් පවතින අතර දීර්ඝ කාලයක සිට එම වැව්වල ප්‍රතිසංස්කරණ සිදු කර නොමැත.
පසුගිය වසරේ ප්‍රතිසංස්කරණය කළ යුතු ලෙස හඳුනාගත් වැව් 1423ක් අතුරින් වැව් 1303ක ප්‍රතිස්සකරණ කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2570ක් වැය වී තිබේ.ඉන් වැව් 757ක ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ඇත. තවද වැව් ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමට සැළසුම් කර ඇති අතර ඒ සඳහා කෘෂිකර්මාන්තය , මිරිදිය මත්ස්‍ය වගාව ,අතිරේක බෝග වගාව යනාදිය ප්‍රචලිත කිරීමට නියමිත අතර මේ වන විට A9 මාර්ගය දෙපස පිහිටා ඇති වැව්වලට මත්ස්‍ය පැටව් මිලියන 2ක් පමණ මුදා හැර තිබේ. වාරි සෞභාග්‍යා වැඩසටහන කුඩා වැව් සඳහා පමණක් සීමා නොවන අතර එය සමස්ත වාරි කර්මාන්තයේ ම සැළැස්මක් වේ.ඒ අනුව මේ වැඩසටහන මහා වාරි පද්ධතියට,මධ්‍ය වාරි පද්ධිතයට හා සුළු වාරි පද්ධතියටම සම්බන්ධිතය.