ජූනි 05, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ ලබා ගැනීමට සාකච්ඡාවක්- ලෝක බැංකුවේ නියෝජිතයින් හමුවෙයි

    මාර්තු 31, 2022

    ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් (Lynne Sherburne Benz) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන
    රාජ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මුණ ගැසිණ.

    රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ලෝක බැංකුවේ සහය ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් ඉහළම ප්‍රමුඛතාවයෙන් කටයුතු කර ඖෂධ ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් යොදන බව බෙන්ස් මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබඳ
    කලාපීය අධ්‍යක්ෂකවරිය එම අවස්ථාවේදී විශේෂ ඇගයීමක් සිදු කළ අතර, ෆයිසර් එන්නත ලබා ගැනීමේ දී ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙත ලබා දුන් මූල්‍යාධාරය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශේෂ ස්තුතියක් ද පළ කළේය.

    රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක ඇතුළු පිරිසක්දමෙයට සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya