මෙම වැඩසටහන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
පසුගිය මාර්තු 08 දින පැවති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. කළුතර දිස්ත්‍රික්කය තුළ වෙසෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් තුළ සැඟවී ඇති සුවිශේෂී හැකියාවන් එළිදක්වනු වස් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. 2022.04.03 දින උදෑසන 7.00 සිට බේරුවල මොරගල්ල වෙරෙළ තීරයේදී විදෙස් තානාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතය.
මෙහිදී අදහස් දක්වමින් රාජ්‍යඅමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසුවේ, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන දැවැන්තම වැඩසටහන මෙය බවයි.
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැක බලා ගැනීම රජයක් වශයෙන් අපට ඇති යුතුකමක්. මෙම වගකීම අපගේ අමාත්‍යංශය මනාව තේරුම් ගෙන තිබෙනවා. අද වන විට එක් දිනයකදී අබාධ සහිත දරුවන් 16 ක් ඉපදෙනවා. වසරක් තුළදී මෙවැනි දරු උපත් 5800ක් පමණ සිදුවෙනවා. මේ අතුරින් දරුවන් 30%කට පමණ තමන්ගේ කටයුතු තනිවම කර ගන්න බැහැ. මෙවැනි දරුවන් වෙනුවෙන් තමයි මෙම දිරිය ජනනී වැඩ සටහන ආරම්භ කළේ.
කළුතර දිස්ත්‍රික්කයේ දරුවන් 800කට ආසන්න සංඛ්‍යාවක් ගෙනත් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කරනවා. මෙම දරුවන් පමණක් නොවේ ඔවුන්ගේ දෙමව්පියන් සහ ගුරුවන්රුන් ඇගයීමට ලක් කරනවා. ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික් වලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වූ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් .එම්.එස්.ඩී. ජයසේකර මහත්මිය පැවසුවේ විශේෂ අවශ්‍යාතා සහිත දරුවන් සිටින කාන්තාවන්ගේ ව්‍යාවසාය කුසලතාව ඉහළ නැංවීමට සහ වෙළෙඳපොළ අවස්ථා ලබා දීමට රජය කටයුතු කරන බවයි . අන්තර්ජාලය හරහාද මෙවැනි කාන්තාවන්ට වෙළෙඳපොළ අවස්ථා උදාකර දීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අවධානය යොමු ඇතැයි ඇය සඳහන් කළාය.
අමාත්‍යංශය හා අනුබද්ධ සියළුම ආයතන එක්ව මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවත් ගොඩනැගිලි ඉදිකිරීමේදී පවා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් අවධානය යොමු කර එම සැළසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වන විය අවධානය යොමුව ඇතැයි ඇය සඳහන් කළාය.
මෙම අවස්ථාවට එක් වූLondon School of Executive Education ආයතනයේ චමින්ද ද සිල්වා මහතා පැවසුවේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කුසලතාවන් එළිදැක්වීම සඳහා නව මෘදුකාංගයක් නිර්මාණය කළ බවයි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණ දේශීයව සහ විදේශීයව අලෙවි කර ගැනීමට මෙම මෘදුකාංගය හරහා අවස්ථාව ලැබෙන බවත් මේ හරහා ලැබෙන ආදායම එම දරුවන්ගේ ළමා ව්‍යවසායකත්වය නගා සිටුවීමට සහ එම දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් යොදවන බවද චමින්ද සිල්වා මහතා පැවසීය. දරුවන් සඳහා ඩිජිටල් වෙළෙඳපළක් හඳන්වා දුන්නේ ලෝකයේ ප්‍රථම වතාවට බවත් මේ සඳහා යන මූලික වියදම් තම ආයතනය දරන බවද චමින්ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය