ඊයේ(31) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ස්වාමින් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.
මෙවැනි අවස්ථාවක දේශපාලන වාසි ලබා ගැනීමේ පිරිස් සිටින බව පෙන්වා දුන් විහාරාධිපති හිමියන් ඔවුන් සෑම විටම බලන්නේ රට නොව දේශපාලන බලය ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව බව පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ විහාරාධිපති හිමියන් පැවසුවේ, "අපේ රටේ ප්‍රශ්න තිබෙනවා . කොතෙකුත් ප්‍රශ්න ගැටළු තිබුණත්, අසහනකාරී තත්වයන් තිබුණත් බුදුදහමට අනුව ඉවසීම ගතිය අප සතුව පැවතිය යුතුයි. බුද්ධියක් නැති විනයක් නැති සීලාචාර කම නැති බහුතරය හැසිරෙන්නේ වනයේ ජීවත් වන අන්ධයින් වගෙයි. රටේ රාජ්‍ය නායකයාගේ නිවස අසලට පැමිණ මෙවැනි විනාශකාරී ලෙස හැසිරෙන්නේ අන්තවාදී පිරිස්"
ලෝකයම වෙලා ගත් වසංගතය අපේ රටෙන් තුරන් කිරීම ජනාධිපතිවරයා ගත් උත්සාහය මේ රටේ කිසිවෙකුට අමතක කළ නොහැකි බව උන්වහන්සේ පෙන්වා දුන්නේය. මේ පිළිබඳ සැලකිළිමත්ව කටයුතු කළහොත් රටට ඉදිරියට යා හැකි බව විහාරාධිපති හිමියන් වැඩිදුරටත් පැවසීය.