පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ඩීසල් තොග ලැබීමේ යම් අඩුවීමක් පැවතිය ද උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර තිබෙනවා

    අප්‍රේල් 01, 2022

    ඩීසල් තොග ලැබීමේ යම් අඩුවීමක් පැවතිය ද උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය දැනුම් දෙයි.

    ඇණවුම් කර ඇති ඉන්ධන තොග ලැබීමේ යම් ප්‍රමාදයක් තිබුණ ද ලංගම ඩිපෝ වල සාමාන්‍යයෙන් දින කිහිපයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාමට කටයුතු කරන හෙයින් නිසි වෙලාවට ඉන්ධන නොමැති කම නිසා ඇති වන හානිය ඉන් අවම කර ගැනීමට හැකි වූ, ඩීසල් තොග ලැබීමේ යම් අඩුවීමක් පැවතිය ද උපරිම බස්රථ සංඛ්‍යාවක් ධාවනයට එක්කර තිබෙන බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ( ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා (අද 01) ප්‍රකාශ කළේය.

    එමෙන්ම, ජනතාවට අවශ්‍ය රථවාහන පහසුකම් විශේෂයෙන් කාර්යාල වේලාවන්, පාසැල් වේලාවන්වල දී කෙසේ හෝ ගමන් වාර ධාවනයට ලංගම කටයුතු කරන බවත්, මේ වන විට දෛනිකව ධාවනයට එක්වන ලංගම බස්රථ 5000 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා ධාවනයට එක්කොට ඇති බව පැවසූ හෙතෙම, සාමාන්‍යයෙන් කොළඹ නගරය කේන්ද්‍ර කොට ප්‍රධාන මධ්‍යම බස්රථ නැවතුම් ස්ථානයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට දුරගමන් සේවා සඳහා ධාවනයට එක්කොට ඇති බවත් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya