පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    2023 වසරේ දෙසැම්බර් මස වන විට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 2000ක් - රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

    අප්‍රේල් 01, 2022

    2023 වසරේ දෙසැම්බර් මස වන විට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 2000ක් පද්ධතියට එක් කරන බව සූර්ය බල සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඊයේ (31) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වීම විදුලිය කප්පාදු කිරීමට හේතුව බව පෙන්වා දෙන අමාත්‍යවරයා, වසර 2030 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීම මේ වන විට රටේ සම්මතයක් බවට පත් වී ඇති බවත් පුනර්ජනනීය බලශක්තිය විදුලි අර්බුදයට විසඳුමක් බවත් වැඩිදුරටත් පැවසීය. එබැවින් සූර්ය බලය , සුළං බලය භාවිත කිරීමෙන් ඩොලරයේ අගය ඉහළ ගියද ගැටලුවක් ඇති නොවන බවද අමාත්‍යවරයා කියා සිටී.


    පසුගිය වසරේදී මෙගාවොට් 50ට වැඩි වැඩි විදුලිය නිෂ්පාදනය කරන පුද්ගලයින්ට තම අමාත්‍යංශය සමග සම්බන්ධ වන ලෙස ඉල්ලීමක් කළ බව පවසන අමාත්‍යවරයා ඒ අනුව ව්‍යාපෘති 550කට අධික ප්‍රමාණයක් ලැබූ බවත් සඳහන් කළේය. තමාට මේ වෙනුවෙන් භූමියක් සහිත පුද්ගලයන් 125කට ඒ අනුව අවසර ලබා දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.


    2014 වර්ෂයේ විදුලිබල පනත වෙනස් වීමත් සමග වසර 7 ක 8ක කාලයක සිට කිසිදු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මේ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් ඉදිරියේදී එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට හැකි බවත් හෙතෙමෙ කියා සිටී.


    තවද 2030වසරේදී පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 9000ක් ජාතික පද්ධතියට එක් කිරීම අපේක්ෂාව බව පෙන්වා දෙන අමාත්‍යවරයා සැළසුම් කර තිබෙන ක්‍රමවේදය අනුව මේ වන විට සිය අමාත්‍යංශය සමග මෙගාවොට් 2000ක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බව පැවසීය
    --

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya