පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    සමාජ මාධ්‍යවල කලහකාරී හැසිරීම් ප්‍රවර්ධනය කරන පිරිස සම්බන්ධව අවධානයෙන්- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    අප්‍රේල් 01, 2022

    මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ඊයේ රාත්‍රියේ (මාර්තු 30)වූ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇති බවත්, මෙම සිදුවීමට කිසියම් අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධ දැයි සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    රජයේ නිල පුවත් වෙබ් අඩවිය විසින් අද (අප්‍රේල් 01) කළ විමසුමකට පිළිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, ඊයේ සිදුවූ සිදුවීම පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවත්, මේ වන විට කළහාකාරි ලෙස හැසිරුණු පුද්ගලයන් 54 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    සමාජ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අදාළව පොලිසිය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු කරන බවත්, සමාජ මාධ්‍යවල කලහකාරී හැසිරීම් ප්‍රවර්ධනය කරන පිරිස සම්බන්ධව අවධානයෙන් පසුවන බවත්ය.

    එළැඹෙන 03 වැනිදා යම් ජනතා උද්ෂෝෂණයක් පවත්වන්නේ නම් සාමකාමීව උද්ඝෝෂණ පැවැත්වීමට ජනතාවට අයිතියක් ඇති නමුත් රාජ්‍ය දේපළ හා පුද්ගලික දේපළ විනාශ කරමින් කලහකාරීව හැසිරීමට ජනතාව කටයුතු කරන්නේ නම් නීති ප්‍රකාරව ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya