රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( අප්‍රේල් 01) පැවති “සංවිධානාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ විධිවිධාන” විශේෂ මාධ්‍ය සාකච්ඡාවට
එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ මිරිහාන සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන්ට පොලිස් නිලධාරීන් පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මාධ්‍යවේදීන් නොව කිසිදු පුද්ගලයකුට පහර දීමට පොලිසියට බලයක් ලබා දී නොමැති බවත්, විශේයෙන්ම කැරලි කෝලහාල වාර්තා කරන මාධ්‍යවේදීන්ට
ඔවුන්ගේ කටයුතු නිදහසේ කරගෙන යාමට අවශ්‍ය පසුබිම සළසා දෙන ලෙස පොලිස් නිලධාරීන් වෙත සැම විටම නියෝග ලබාදී ඇති බවත්, යම් අයෙකු එය කඩකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් බවත්ය.