පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    කුසලතා සංවර්ධන කර රැකියා වෙත යොමු කිරීමට ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගය

    අප්‍රේල් 02, 2022

    ශ්‍රී ලංකාවේ සංචාරක හා සත්කාරක අංශයේ වෘත්තීන් සඳහා මෙරට ජනතාවගේ කුසලතා සංවර්ධන කර රැකියා වෙත යොමු කිරීමේ අරමුණින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඔස්ට්‍රේලියානු රජයේ සහයෝගය ඇතිව කුසලතා සංවර්ධන ව්‍යාපෘතියක් (S4IG) ආරම්භ කෙරිණ.

    S4IG ව්‍යාපෘතියේ පළමු අදියරය 2017 වසරේ සිට 2021 වසරතෙක් ක්‍රියාත්මක වූ අතර එහි දෙවන අදියරය සඳහා ඊයේ (31) රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කෙරිණ. ඒ අනුව මෙම ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12ක ප්‍රතිපාදන තාක්ෂණ ආධාර වශයෙන් ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනය සඳහා හිමිවෙනු ඇත.

    දෙවන අදියරයේ දී ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යවසායක ඵලදායිතාව සහ වර්ධනයට අදාළව කුසලතා සංවර්ධනය කරමින් නිපුණතා සැපයීම ශක්තිමත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. තවද, පළමු අදියරය තුළ දී අවිධිමත් වෘත්තීය හා තාක්‍ෂණික පුහුණුවක් සහිත පුද්ගලයින්ටත් විශේෂයෙන් කාන්තාවන්ට සහ ආබාධ සහිත පුද්ගලයින්ට සංචාරක හා සත්කාරක අංශයේ අවස්ථා සලසා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය.

    මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් මුදිතා මල්කාන්ති මහත්මිය, දසිත නිරෝෂන් මහතා (අධ්‍යක්ෂ), S4IG ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ ඕස්ට්‍රේලියානු රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya