පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

    අප්‍රේල් 02, 2022

    යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 මාර්තු මස 30 වන දින රාත්‍රීයේ සිදු කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධිවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් තිදෙනෙකු (03), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කර, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා රැසක් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයට වයඹ දෙසින් වූ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී තිබෙන බව නිරික්‍ෂණය කළ නාවික හමුදාව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා එම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදි, ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ ඉන්දීය ජාතික ධීවරයින් තිදෙනෙකු (03) ධීවර ආම්පන්න සමඟ මෙලෙස නාවික හමුදා භාරයටගත් අතර, කන්කසන්තුරය මයිලඩි ධීවර වරාය වෙත රැගෙන ආ එම ට්‍රෝලර් යාත්‍රාව සහ ඉන්දීය ජාතික ධීවරයින් තිදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවති.

     

    තවද, 2022 මාර්තු මස 28 දින ද ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය ඩෙල්ෆ්ට් දුපතට දකුණු දෙසින් වූ මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතික ධීවරයින් සිව් ‍දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කළ අතර, මෙරට මත්ස්‍ය සම්පත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya