පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ‘Hello Again’ නමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    අප්‍රේල් 02, 2022

    මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ‘Hello Again’ නමින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි

    2022 වසර සඳහා වූ සියසංචාරක ප්‍රවර්ධන න්‍යාය පත්‍රයේ අංගයක් ලෙස,මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංචාරක ක්‍රියාකරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

    2022 අප්‍රේල් 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, මැලේසියාව සිය දේශසීමා විවෘත කරන අතර, එමගින් අත්‍යවශ්‍ය නොවන විදේශ සංචාර සඳහාවූ අභ්‍යන්තර මෙන්ම බාහිර සංචාර සඳහා අවස්ථාවක් සැලසෙනු ඇත.තවද, දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ ද ඉවත් කරනු ඇත.මැලේසියාවේ පුරවැසියන්ට සහ එහි වාසය කරන්නන්ට මෙම සහනය හිමි වන්නේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු 15 වැනි දින මැලේසියාව සිය දේශසීමා වසා දැමීමෙන් පසු වසර දෙකකට වැඩි කාල වකවානුවක් ගත වීමෙන් පසුව ය.

    මෙම අවස්ථාව, ශ්‍රී ලංකාව තම ප්‍රියතම සංචාරක ගමනාන්තය ලෙස තෝරා ගැනීම සඳහා මැලේසියානුවන් පෙළඹවීමට වඩාත් සුදුසු අවස්ථාවක් වන බැවින්, මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමඟ එක්ව,2022 මාර්තු 29 වැනි දින මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී, මැලේසියාවේ ක්වාලාලම්පූර් හිෆෙඩරල් ප්‍රදේශයේ කටයුතු කරන සංචාරක ක්‍රියාකරුවන් 50ක පමණ පිරිසක් සඳහා සවිස්තරාත්මක දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වී ය.

    මෙම වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස පිළිගත් නම් කළ මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා, ශ්‍රී ලංකාව සිය අමුත්තන් වෙත පිරිනමන අද්විතීය වූ උණුසුම් පිළිගැනීම හා ආගන්තුක සත්කාර පිළිබඳව සඳහන් කළේ ය. ශ්‍රී ලංකාව යනු සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රියජනක වූ විවිධ අංග රාශියක් පිරිනමන, විවිධත්වයෙන් අනූන සිත් ඇදගන්නාසුළු දිවයිනක් බව,එතුමා තවදුරටත් අවධාරණය කළේය.

    මෙම වැඩසටහන වනජීවීන්, ත්‍රාසය, දර්ශනීය ස්ථාන, උරුම, උත්සව, ප්‍රීතිය, ශරීර සුවතාව, පෞරාණික බව යන කාණ්ඩ සහ බොහෝ උප කාණ්ඩ යටතේ වූ ඉතා සවිස්තරාත්මක පවර් පොයින්ට් තාක්ෂණික ඉදිරිපත් කිරීමකින් සමන්විත විය. ශ්‍රී ලංකාවට ප්‍රවේශවීම, අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු, නවාතැන්, සෞඛ්‍ය මාර්ගෝපදේශ, ශ්‍රී ලංකාවේ සූපවේදය සහ සම්ප්‍රදායන් යනාදිය ද මෙහිදී විස්තර කෙරිණි.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මැලේසියාවේ සිටින ශ්‍රී ලංකා නියෝජිතවරයා විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය පිරිනමන සේවා සහ මැලේසියාවේ සිට පැමිණෙන සංචාරකයින්ට ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳව සහභාගී වූ පිරිස දැනුම්වත් කරන ලදි.

    මෙම වැඩසටහන සජීවී හා ප්‍රබෝධමත් අයුරින් පැවැත්වීම සඳහා බොහෝ ප්‍රවර්ධන වීඩියෝ පට භාවිතා කෙරිණි. ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය ස්ථාන රැසක පෝස්ටර ද, මෙම පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කෙරිණි. තවද, ශ්‍රී ලංකාවේ ප්‍රණීත ආහාර වර්ග රැසක්, සහභාගී වූ පිරිස වෙත පිරිනමන ලදි.

    මෙම වැඩසටහන සඳහා සහභාගී වූ පිරිස සිය ශ්‍රී ලාංකික මිත්‍ර පාර්ශ්වය සමඟ සම්බන්ධ කිරීමට කටයුතු කරන බව තහවුරු කිරීමෙන් අනතුරුව සහ අන්‍යෝන්‍ය වශයෙන් තෘප්තිමත් විය හැකි ආකාරයේ ප්‍රතිලාභ හිමි කර ගැනීම සඳහා එක්ව කටයුතු කරන බවට ප්‍රතිඥා දීමෙන් අනතුරුව, වැඩසටහන අවසන් කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya