පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    නික්ම යන සෞදි අරාබි තානාපති විදෙස් ඇමති හමුවෙයි

    අප්‍රේල් 02, 2022

    නික්ම යන සෞදි අරාබි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා හමුවෙයි

    සෞදි අරාබි රාජධානියේ තානාපති අබ්දුල්නසර් බින් හුසෙයින් අල්- හාර්ති මහතා කොළඹ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් සමුගත්තේ ය.

    ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා සෞදි අරමුදල් ප්‍රදානය කිරීම සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී දක්වන ලද සහයෝගය ඇතුළුව, දෙරට අතර පවත්නා සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් නික්ම යන තානාපතිවරයා දැරූ විශිෂ්ට උත්සාහය, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතාගේ පැසසුමට ලක්විය.

     තමන් ශ්‍රී ලංකාවේ සේවය කළ කාලවකවානුව තුළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් තානාපති අල්- හාර්ති මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පුද කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya