උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර යන පළාත්වල පාසල්වල සියලුම ශ්‍රේණීවල වාර පරික්ෂණ සහ ප්‍රාථමික ශ්‍රේණිවල ඉගැන්වීම් කටයුතු අවසන් වී තිබේ. අනෙකුත් පළාත්වල ශ්‍රේණි කිහිපයක් සදහා පමණක් මුලින් කී සතිය තුළදී වාර පරික්ෂණ පැවැත්වීමට ඉතිරිව ඇති බව වාර්තා වෙයි. මෙම කාලසීමාව තුල සියලුම ගුරුවරුන් හා අනෙකුත් කාර්ය මණ්ඩල පාසල්වලට පැමිණ මෙම වර්ෂයේ වාර පරික්ෂණ සම්බන්ධ කටයුතු සහ මීළග පාසල් වර්ෂය සහ සැළසුම් කටයුතු සිදු කළ යුතුයි.
දෙමාපියන්ගේ පහසුවත් මහජන උපයෝගීතා කොමිසමට තීරණ ගැනීමේ පහසුවත් සළකා මෙම තීරණයට එළඹිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නිවේදනය කර තිබේ..