පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුවෙන් අඛණ්ඩ නියාමන ක්‍රියාමාර්ග

    අප්‍රේල් 04, 2022

    විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව අඛණ්ඩව නියාමන ක්‍රියාමාර්ග ගනු ලබයි

    ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ සිදු කළ අතර එහිදී පහත සඳහන් මුදල් හුවමාරු කරන්නන් බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ට ලබා දී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවත්, එමගින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ඔවුන්ට නිකුත් කර ඇති විධානයන් උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කර ගන්නා ලදී.

    (අ) ස්විස් මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම, කොළඹ 01(ප්‍රධාන කාර්යාලය) සහ කොළඹ 06 (ශාඛාව)

    (ආ) වෙස්ටර්න් මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම, කොළඹ 06

    ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල විධානයන්ට අනුගත වන ලෙස නියෝග කරමින් ඉහත මුදල් හුවමාරු කරන්නන්හට අවවාදාත්මක නිවේදන නිකුත් කරන ලදී.

    අවවාදාත්මක නිවේදන මගින් දැනුම් දුන් කරුණු නිවැරදි කිරීමට මෙම බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත් ඔවුන් වෙත නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමට / අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇත.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya