පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    ලංගම බස්රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු වෙනවා - නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන)

    අප්‍රේල් 04, 2022

    ලංගම බස්රථ සාමාන්‍ය පරිදි ධාවනය ආරම්භ වී තිබෙන බව නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණ හංස මහතා ප්‍රකාශ කරයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද (04) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ය.

    ප්‍රමාණවත් ඉන්ධන ලංගම සතුව පවතින බවත්, කිසිදු ගැටලුවකින් තොරව බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බව හෙතෙම ප්‍රකාශ කළ අතර, ඇඳිරිනීතිය ඉවත් කිරීම පෙරවරු 6.00 ට සිදු වූ නිසා ධාවන කටයුතු වල යම් කිසි ප්‍රමාදයක් දක්නට ලැබුණ ද මේ වන විට ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන බව පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya