අද (05) පාර්ලිමේන්තුවේ දී කතානයකවරයා මේ බව පැවසුවේ, මේ වනවිට රටේ උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අඳහස් පල කළේ ය.
ඒ අනුව ප.ව. 2.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බවත්,ව්‍යවස්ථව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවෙන බවද කතානයකවරයා පැවසීය.
පාර්ලිමේන්තුවේ කටයුතු අද (05) උදෑසන 10ට ආරම්භ වූ අතර සභානායක ධුරය සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පත්කර ඇතැයි කතානායකවරයා නිවේදනය කළේය.
රටතුළ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් තම අදහස් ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, අදට නියමිත අන පනත් ඉදිරිපත් නොකර රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවයි. රටේ පවතින වර්තමාන තත්වය සමනය කිරීම සඳහා සියළුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට වගකීමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පැවසිය. පළපුරුදු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වශයෙන් කතානායකවරයාට මෙහි වගකීම භාර ගෙන කටයුතු කරන්නැයි විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය. ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා වශයෙන් මෙහි වගකීම භාර ගනිමින් මෙම ගැටළුව සඳහා විසඳුම් සෙවීමේ කාර්ය භාරගන්නා ලෙස ඉල්ලා සිටියේය.
''ව්‍යවස්ථානුකූලව මහමැතිරණයකට යන්න ලෑස්තියි.ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කළා.88-89 මතක ද? අපිට ගහල,මරලා මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද? මේ ලේ විලක් කරන්නයි යන්නේ'' යැයි පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
ජනතාවගේ සාමකාමී විරෝධයට ගරු කරනවා. එය සුබ සිද්ධියට විය යුතුයි. එක එක සංවිධාන එකතු වෙලා,ඒ අය කළ විරෝධය අද විනාශ කරලා. මේ වැරදි තැනට ගෙන යන්න හොඳ නෑ. අද සංචාරයකයින් එන එක නැවතිලා. රටේ සියලු ජනතාවට බලාපානවා. රට ගැන සිතා තීන්දු ගන්නා ලෙස ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය
රටේ පවතින මෙම අවසනාවන්ත තත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා සියලු දෙනා එක්ව සාකච්ඡා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අර්බුදකාරී තත්වය හමුවේ රට සන්සුන් කර සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළුව විසඳා ගත යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව අද සිට තමා ඇතුළු මන්ත්‍රීවරු 14 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. රට තුළ උද්ගත වී ඇති වර්තමාන තත්වය හමුවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු කණ්ඩායමක් ද ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. රටේ උද්ගත වී ඇති වර්තමාන තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ එක්ව සාකච්ඡා කළ යුතු බවත් මන්ත්‍රීවරු 16 දෙනෙක් ස්වාධීනව කටයුතු කරන බවත් පැවසීය.