වසර ගණනාවක පළපුරුදු , අත්දැකීම් බහුල දේශපාලනක්ඥයින් මෙම පාර්ලිමේන්තුව තුළ සිටින බවත් සියළු දෙනා එක්ව මෙම ඇවිලී ඇති ගින්දර නිවිය යුතු බවද මන්ත්‍රීවරයා කීය. ඇතැම් දේශපාලන නියෝජිතයින් ජනතාවගේ තරහ ඇවිලෙන පරිදි මෙම පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවද නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. රටේ පවතින වර්තමාන තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
රටේ ජනතාවට පැහැදිළි අර්බුදයක් තිබෙනවා. මෙම තත්වය අවම කිරීම සඳහා කටයුතු කිරීමේ වගකීමක් අප හැමෝටම තිබෙනවා. ජනතාවගේ වෛරය තරහව අවම වන පරිදි අප කටයුතු කළ යුතුයි. ප්‍රජාත්‍රන්තවාදයෙන් පිට ආණ්ඩු මාරු කිරීමේ ක්‍රමවේදයක් මේ රටේ නැහැ. එසේ වුවත් ඒය අනාගතයේ දී නරක පූර්වාදර්ශයක් වේවි.එසේ වුවහොත් අනාගත පරපුරට ඉතිරි වනුයේ ලේ විලක්. කෝ සැලැස්ම.කෝ වැඩපිළිවෙල, කවුද නායකයා. ව්‍යවස්ථානුකූලව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වුවත් ඊට පසු පත්වන්නේද මෙම පාර්ලිමේන්තුවේම කෙනෙක්. ඒ පත් වන කෙනාත් මෙම පාර්ලිමේන්තුවේම කොටසක්.
බොහොමයක් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන විසඳුම් එකිනෙකාගේ දේශපාලන පැවැත්ම සඳහා ඉදිරිපත් කරන තීන්දු තීරණ මිස රටේ පවතින් වර්තමාන ගැටළු සඳහා විසඳුම් ලෙස ඉදිරිපත් කළ තීන්දු තීරණ නොවන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්‌නේය.
ආණ්ඩුව ඉල්ලා අස්වීම ප්‍රජාත්‍රන්තවාදී ලෙස සිදු විය යුතු බවත් ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමයෙන් පිට ආණ්ඩු මාරු වීමේ ක්‍රමයක් මෙරට නොතිබූ බවත් පෙන්වා දුන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 88 -89 කාලයේත් සිදු වූයේ මෙය බව සඳහන් කළේය. එහිදී නිකුරුනේ තරුණ ජීවිත රැසක් අපට අහිමි වූ බව නාමල් රාජපක්ෂ මහතා සිහිපත් කළේය.
පාර්ලිමේන්තුව කැඳවීමට නම් කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන තනතුරු කිහිපයක් තිබුය යුතු බැවින් පාර්ලිමේන්තු කැඳවීමේ අවශ්‍යතාව මත කැබිනට් මණ්ඩලයේ තනතුරු කිහිපයක් පත් කළ බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය.