ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීමට, ජනාධිපතිතුමාට හෝ කථානායකතුමාට නොහැකි බවත්, විවිධ යෝජනා කළ හැකි වුවත්, ව්‍යවස්ථාවට එකඟ ඒවා මිස, ඒවා සියල්ල ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඔහු පැවසිය. රටේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට කළ හැකි දේ කුමක්ද යන්න සොයා මැදිහත් වන ලෙස සභානායකවරයා, කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ ආණ්ඩු පක්ෂයට බව පැවසූ ඔහු, විරුද්ධ පක්ෂයට බහුතරය ඇත්නම් එය පෙන්වන ලෙසද සඳහන් කළේය. ආණ්ඩුව කිසි ලෙසකින් ජනතා ප්‍රශ්න හමුවේ ඉවත බලා නොසිටි බවත්, සියලු පක්ෂවලට එකතුවී කටයුතු කිරීමට ජනාධිපතිතුමා ආරාධනා කර ඇති බවත් සභානායකවරයා කියා සිටියේය.
ව්‍යාපාරික ප්‍රජාවද එක්කරගෙන රජය කෙරෙහි අලුත් විශ්වාසයක් ගොඩනැගීමේ එක් මාර්ගයක් විවෘතව ඇති බව පැවසූ ඔහු, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී, නිරායුධ විරෝධතාවලට රජය බාධා නොකරන බවත් පැවසිය.
සභානායකවරයා මෙසේද කීය.
“ ගරු කථානායකතුමනි, උදේ සිට විවිධ කෝණයන්ගෙන් අද රටේ පවතින තත්ත්වය පිළිබඳ අදහස් ප්‍රකාශ වුණා. විශේෂයෙන් විරුද්ධ පක්ෂය එවැනි අදහස් සමුදායක් ප්‍රකාශ කළා. එක ප්‍රධාන දෙයක් තමයි, ඔවුන් යෝජනා කරන ආණ්ඩුව පිහිටුවීම.
මම පළවෙනියට කියන්න ඕන මමත්, ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමත්, ඒවගේම ජී. එල්.පීරීස් මැතිතුමා විදේශ අමාත්‍යතුමා හැටියටත් අලි සබ්රි මැතිතුමා මුදල් අමාත්‍යතුමා හැටියටත්, අපේ ඇමති මණ්ඩලයම ඉල්ලා අස්වී අග්‍රාමාත්‍යතුමාට බාර දුන්නට පස්සේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තු කටයුතු කරගෙන යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ප්‍රකාරව සිදුවිය යුතු හෙයින්, මේ තාවකාලික පත්වීම් කළා. ඒ සභානායක ලෙස, සංවිධායක ලෙස හැටියටත් පාර්ලිමේන්තු කටයුතු ගෙන යාම සඳහා.
ප්‍රජාතන්ත්‍රවාදි පාර්ලිමේන්තු ක්‍රමයට පයින් ගහන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයට දේශපාලන බලය වෙනස් වෙන්න පුළුවන් හෝ දේශපාලන සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. අපි ගැඹුරෙන් බැඳිසිටින පාර්ලිමේන්තු ක්‍රියාදාමය තියෙන රටක් විදියට එය පැහැදිලිකරගත යුතුයි.
ඒ අනුවම යමින් අතිගරු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරාධනාවක් කළා. මුළු අමාත්‍ය මණ්ඩලය ම ඉල්ලා අස්වී අග්‍රාමාත්‍යතුමා විතරයි දැන් අමාත්‍ය මණ්ඩලයේ ඉන්නේ. ඒ අවස්ථාවේ පෙරේදා රාත්‍රියේ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලට, එකතුවෙලා මේ පවතින ජාතික වශයෙන් මතුවී තිබෙන බරපතළ තත්ත්වයට විසඳුම් ඇති ක්‍රියාමාර්ගයට ආණ්ඩුවක් ඇති කරන්න එකතු වෙන්න කියලා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ එපමණයි. ඒ නිසා නැති දේවල් යෝජනා කරන්න අපට පුළුවන්, නැති දේවල් යෝජනා කරනවා කියන්නේ වෙනත් භායානක පරිවර්තනයකට යොමු වීමයි. ඒවා යෝජනා කොට ක්‍රියාත්මක කිරීමට නම් මම කථානායකතුමාට විශේෂයෙන් මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා කථානායකතුමා හැටියට ඒ පිළිබඳව සියලු දෙනාගේ අදහස් එකතු කරලා පාර්ලිමේන්තුවට මොකද්ද කළ හැක්කේ කියන කටයුත්තට කථානායකතුමා මැදිහත් වෙන්න. ජනාධිපතිතුමා ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. ජනාධිපතිකුමා ව්‍යවස්ථාව අනුව ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා, අද අපිත් මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා.
බහුතරයක් තියෙන්නේ අපේ ආණ්ඩුවට. බහුතරයක් පාර්ලිමේන්තුවේ අපේ ආණ්ඩුවට නැත්තම් ඔබතුමාලට එය ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. එ් අනුව එක්කෝ අපිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. ගැටළුවක් නැහැ. යෝජනාවක් සම්මත කරලා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්, මැතිවරණයකට ගමන් කරන්න. එහෙම නැත්නම් ගරු කථානායකතුමන්ගේ අවධානය යොමු කරන්නේ රජය හැටියට ඔබතුමාලට බහුතරයක් තියෙනව නම් ආණ්ඩුවක් පිහිටුවන්න ජනාධිපතිතුමාට දන්වන්න පුළුවන්. ඒ කිසිවක් නැතිව රට දේශපාලනිකව හා ආර්ථීකව ඇති වී තිබෙන අර්බුදය හමුවේ තවදුරටත් ආරාජික තත්ත්වයට දායක වන්න එපා. අපි රට වැසියාගේ ප්‍රශ්නය දිහා සාමකාමීව බලනවා. එය මදි ඇති. ඒවට මැදිහත් වෙන්න ඕන. දුක, වේදනාව, ශෝකය, බඩගින්න ඔබ වගේම අපිත් බෙදාගන්නවා මේ රටේ ජනතාව සමඟ. කිසිම ලෙසට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න හමුවේ අහක බලලා නෑ ආණ්ඩුවත්, අතිගරු ජනාධිපතිතුමත්. ඒ නිසා සාමකාමීව මේ ප්‍රශ්න විසඳගන්න සති දෙකකට පෙර ජනාධිපතිතුමා, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේත් යෝජනාවක් පිරිදි වට මේස සාකච්ඡාවක් කැඳවුවා. ඔබ පක්ෂ සියල්ල ගියා. අපි ඔක්කොම එකතු වුණා. විරුද්ධප පක්ෂයේ සියලු පක්ෂ ගියා. ස.ජ.බෙ හැර. ඉතිං අපි යළිත් වරක් රැස් වෙන්න ඕන කියලා ඒ අවස්ථාවේදී කිව්වා. ඒකට ජනාධිපතිතුමා එකඟ වුණා.
ඒ අනුව වැඩ කරමින් සිටින කාල පරිච්ඡේදයේ ඇති වී තිබෙන මේ බරපතළ තත්ත්වය අපි පිළිගන්නවා. ජන ජීවිතයට අමාරුකම් වැඩි වී තිබුණු පසුගිය දවස් ගණනාව ඒ අමාරුකම් ලිහිල් කරගන්න අපට පුළුවන් උත්සහයන්වල යෙදිලා තියෙනවා. එයට වඩා උත්සහයන් එයට වඩා යෝජනාවල් එයට වඩා ප්‍රාතිහාර්යයන් මවන්න ඔබට පුලුවන් නම් එයට ජනාධිපතිතුමා ඔබට අතු දිගු කරලා තියෙනවා පැය 24ම ඕනෑම වෙලාවක අපි ඉඳගෙන කතා කරලා මේ රටේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය ඕනම ටික කරමු. එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්නට බැහැ. කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ කතානායකතුමා වු ඔබතුමාටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්නට බැහැ. නොයෙක් යෝජනා කරන්න පුළුවන්, නමුත් ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව බැහැ.
නමුත් අපි විවෘතව සිටිනවා, යළිත් වරක් මම ප්‍රකාශ කරනවා, රජය වෙනුවෙන් සියලුම දේශපාලන පක්ෂ, දේශපාලන පක්ෂ නොවන රටේ විවිධ ව්‍යාපාරික ප්‍රජාව සමඟ ඒ සම්බන්ධ සාකච්ඡා ඇති කරලා අලුත් විශ්වාසය ජනිත කරන එක මාර්ගයකුත්, සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන නිරායුධව කටයුතු කරන සියලුම ප්‍රජාතන්ත්‍රීය විරෝධතාවයන්ට කිසිම ගැටලුවක් අද තෙක් මතුවෙලා නැහැ. අපි කණගාටු වෙනවා කොහේ වුණත් ගැටුමක් සිද්ධ වෙනවනම්, ඒක රසවිඳින්න කැමතිතාවයක් ඔබටත් අපටත් නැහැ. ඒක රස විඳින තත්ත්වයට දායක වන්නත් එපා. මොකද එහි අවසානය කුමක්ද වේ යන එක බරපතළ අවිනිශ්චිතතාවයක්. මෙම අර්බුද අවස්ථාවේ ගරු කථානායකතුමනි මම විශේෂයෙන් කියන්න කැමතියි, ඔබතුමා විශේෂ සාකච්ඡාවක් විපක්ෂයේ ඉල්ලීම පරිදි පක්ෂ නායක රැස්වීමක් 2.00ට කැදෙව්වා. අපි සහභාගී වෙනවා. ඔබතුමාට මැදිහත් වෙන්න පුළුවන් ප්‍රමාණයට පාර්ලිමේන්තුව මැදිහත් වී යම් යම් අලුත් යෝජනවාල් තිබෙනව නම් ඒවාද එක්රැස් කරගෙන අවශ්‍ය පියවරවල් ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ජනවරමක් ලැබූ රජයක් විදියට අපි බැඳී සිටිනවා. අපි පාර්ලිමේන්තුවට ගරු කරනවා. අපි පාර්ලිමේන්තුවට පටහැනිව කටයුතු කළේ නැහැ.”