මෙය සංචාරකයන්ට මහත් පිටුබලයක් වූ අතර තම සංචරණ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට මෙයින් ඔවුනට හැකි විය. කෝවිඩ් 19 වසංගතයෙන් වසර දෙකකට පසු මෙරට මාසික සංචාරක පැමිණීම ලක්ෂය ඉක්මවන ලදී.
සංචාරක අමාත්‍යංශ දත්තයන්ට අනුව වැඩිම සංචාරක පැමිණීම සිදුව ඇත්තේ 2022 මාර්තු මස ය. ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, රුසියාව, ප්‍රංශය, පෝලන්තය, ඇමරිකානු එක්සත් ජනපදය, කැනඩාව, කසකස්තානය, ඉරානය මාර්තු මස තුළ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි රටවල් වේ. 2012 වසරෙන් පසු ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද වත්මන් රජය ආරම්භ කළ අතර මේ වන විට එය ක්‍රියාත්මක වෙමින් පවතී.
අග්‍රාමාත්‍යතුමාගේ නියමයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා පරිශ්‍ර විවෘතව තැබීමට පියවර ගැනිණ. රට උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා ඇති පසුබිමක ඉන් මිදීම සඳහා මෙරට සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම අවශ්‍ය කරුණක් බැවින් මෙම පියවර ගත් බව ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී රණසිංහ මහතා පුරාවිද්‍යා පරිශ්‍ර විවෘතව තැබීමට හා සංචාරකයන්ට අපහසුතාවයකින් තොරව සිය සංචාරක කටයුතු සිදු කර කරගැනීමට මෙන්ම පුරාවිද්‍යා පරිශ්‍ර නැරඹීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු යොදනු ලැබිණි.