කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැත් වූ පක්ෂ නායක රැස් වීමේදී රටේ ඇති වී තිබෙන වර්තමාන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් අද දිනයේද නැවත එම පක්ෂ නායකයින් රැස් වන බවත් සභානායකවරයා ප්‍රකාශ කළේය.
රටේ ආර්ථිකය සහ එදිනෙදා මහජනතාවගේ ජීවන තත්වය තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇති වී තිබෙන බවත්, රජය එය පිළිගන්නා බවත් පෙන්වා දුන් සභානායකවරයා, ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේ ද සාකච්ඡා කළ බව කීය. .
වැඩිදුරටත් අදහස් දක්වමින් සභානායකවරයා පැවසුවේ,
ජනාධිපතිවරයා හදිසි නීතියක් නිකන් ප්‍රකාශ කළේ නැහැ. ජනාධිපතිවරයාගේ නිවස ඉදිරියේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ආකාරය කවුරුත් දුටවා. ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කළා. අනාගතයේ වගකීම් භාර ගන්නසිටින විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් දන්නේ නැත්නම් ඒ ගැන කණගාටුවෙනවා. එම සිදුවීමේදී විවිධ පිරිස් අත් අඩංගුවට ගන්න සිදු වුණා. මහජන දේපළ විනාශ වුණා.ඒ අනුව ගන්න පියවර බලයේ සිටම ඕනම ආණ්ඩුවක් ගන්නවා.
ඒ තත්වය අනුව හදිසි නීතිය නිවේදනය කළා. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලය ඊයේ රාත්‍රියේදී නැවත රැස් වී එම හදිසි නීති නිවේදනය අද අස්කරගෙන තිබෙනවා. එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. උද්ඝෝෂණ තිබුණත් හදිසි නීතිය මේ අවස්ථාවේ අවශ්‍ය නැති බව ආරක්ෂක මණ්ඩලය පිළිගෙන තිබෙනවා. ඇයි එය ඔබ අගය කරන්නේ නැත්තේ?
එක කාලයක් තිබ්බා . එක දිනයි අප පාර්ලිමේන්තු ආවේ. එම පාර්ලිමේන්තුව විසිරුවන තුරු ඇඳිරිනීතිය පැන වූවා. එවැනි තත්වයක් අද ඇති වී නැහැයැයි පැවසීය.