ප්‍රධාන සංවිධායකවරයා මේ බව අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,රටේ උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂය විසින් කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දවමිනි. සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට සහ පිටවීමට ඉඩ දිය යුතු බවද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ,
රටේ නීතිය ක්‍රියාත්මක කරන්න,ආරක්ෂා තහවුරු කරන්න. උද්ඝෝෂණය කරන්නේ අහිංසක තරුණයෝ. අහිංසක ළමයිගෙ ඔළුව විකෘති කරලා තමයි 88-89දී, මේ රටේ අහිංසක තරුණ තරුණියෝ මැරුණේ. මේ ළමයින්ව නොමග යවන්න එපා. ප්‍රජාත්‍රන්තවාදී ව්‍යුහය තුළ ඉන්න. ආරක්ෂක අංශ කිසිම වෙඩිල්ලක් තියන් නැතිව ඇඳිරි නීතිය දාල මේ තත්වය පාලනය කෙරුවා. ඇඳිරි නීතිය පැනවීම ගැන ජනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙනවා. තුට්ටු දෙකේ දේශපානයට වැටෙන්න එපා.
වැඩිදුරටත් අදහස් දැක් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඊයේ දිනයේදී විරුද්ධ පක්ෂ සියල්ල එක් වී පැවැත් වූ පක්ෂ නායක රැස්වීම වඩාත් සාර්ථක වූ බවයි. ප්‍රජාත්‍රන්තවාදය තිබුණොත් රටේ කාටත් මෙතන දේශපාලනය කරන්න පුළුවන්. 88-89 මගෙ නිවසට උණ්ඩ 289කින් වෙඩි තැබුවා. මොන ආණ්ඩුව ආවත් එක රටක් - එක නීතියක් තියෙන්න ඕන. මේ ප්‍රජාත්‍රන්තවාදී ව්‍යහුය ඇතුළේ ඉන්න. ප්‍රචණ්ඩත්වයට යන්න එපා. මේ මාසයෙ විතරක් රට කෙතරම් ආපස්සට ගියාද? අද වෙන කොට විදේශිකයින් රටට එන්නේ නැහැ.මම විපක්ෂයෙන් බොහොම ආදරයෙන් ඉල්ලනවා. මේ රට වැටෙන්න දෙන්න එපා. මේ මැර දේශපාලනයට හෙළා දකින්න. මේ කරන්න හදන්නේ විප්ලවයක්, 88-89 කාලේ වගේ යැයි කීය