වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී පැවති විවාදයයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සහ විසඳුම් ඉදිරිපත් කිරීම විරල වීම කණගාටුවට කරුණක් බව කතානායකවරයා සඳහන් කළේය.
විවාදය පවත්වාගෙන යාමට විවිධ බාධා පැමිණවීම සහ පාර්ලිමේන්තුව දෙවරක් අත්හිටුවීමට සිදු වූ බවත් මෙවැනි තීරණාත්මක අවස්ථාවක එවැනි ක්‍රියා සිදු නොවිය යුතු බව පෙන්වා දුන් කතානායවරයා, දයාසිරි ජයසේකර සහ විජයදාස රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ අදහස් අගය කළේය.
පක්ෂ පාට භේදයකින් තොරව, දේශපාලන අරමුණ පසෙක ලා මෙම අර්බුදය ජය ගැනීම සඳහා පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව එම මන්ත්‍රීවරු පෙන්වා දී තිබේ. එහෙත් බොහොමයක් මන්ත්‍රීවරු,පුරුදු පරිදි වෙනදා මෙන් දේශපාලන කරුණු ගෙන විවාද කළ බව කතානායකවරයා පෙන්වා දුන්නේය.