රටේ වත්මන් තත්ත්වය සම්බන්ධව අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.
ජනතාවට විශාල ප්‍රශ්නයක් තිබෙනවා.ආවේග එළියට පිට කිරීම සාධාරණයි. මගේ පැත්තෙන් මම සමාව ඉල්ලනවා. අපි සංවේදී මිනිස්සු. මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නේ කොහොමද බලන්න ඕන.
අද මිලියන 200කට සංචාරක කර්මාන්තය වැටුණා.දින 53 ආන්ඩුවේදී කිව්ව ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතුයි කියලා. දැන් කියනවා ව්‍යවස්ථාවෙන් එළියට ගිහින් විසඳුම් සොයන්න කියලා.අද කිව්වත් ඉදිරියේ දී වෙන බාලපෑම කල්පනා කර බලන්න ඕන.කිසිම කෙනෙකුට මේ රටේ ආණ්ඩුවක් කරන්න හම්බවෙන්නේ නෑ.අපි අමාරුම කාලෙක ඉන්නේ.කවුරු ආවත් විශාල පරිත්‍යාග රාශියක් කරන්න සිදු වෙනවා. එකෙනෙකාට ඇඟිල්ල දිගු කර එළියට එන්නට බැහැ. මෙය තේරුම් ගත යුතුයි. මෙය බරපතල තත්ත්වයක්. අපි ජනතාවට ඇහුම්කම් දීලා අපි හකුලා ගත්තා. එය ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ දෙයක්. යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.