ජූනි 08, 2025
tami eng youtube  twitter facebook

    ව්‍යවස්ථාවෙන් පිට වැඩ කිරීමට රජය කිසි ලෙසකින් ඉඩ තබන්නේ නෑ - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක

    අප්‍රේල් 07, 2022

    ව්‍යවස්ථාවෙන් පිට වැඩ කිරීමට රජය කිසි ලෙසකින් ඉඩ නොතබන බවත් රටේ පරමාධිපත්‍ය සහ ප්‍රජාත්‍රන්තවාදය රජය දිවිහිමියෙන් ආරක්ෂා කරන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (07)පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ව්‍යාවස්ථාවෙන් පිට කටයුතු නොකරන බවද අමාත්‍යවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සිදුකළ කතාවේ දී ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපතිවරයා කිසිසේත් ඉල්ලා අස්වෙන්නේ නැති බව අමාත්‍යවරයා‌ මෙහිදී සඳහන් කළේය. .

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, මුදල් පනත විවාදයකින් සහ ඡන්දයකින් තොරව සම්මත කිරීම සම්බන්ධයෙන් විපක්ෂයට ස්තුතිවන්ත වන බවද පැවසීය. අද ලෝක ව්‍යසනයක් එක්ක රටේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. අපි සැළසුම් සහගත ලෙස මේ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා. තමුන්නාන්සේලාගේ ඉල්ලීමට අනුව කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුණ‌ා. අපි හිතුවේ සියළු දෙනා එක්ව වැඩ කරයි කියලා. ජනාධිපතිවරයා කිව්වා අපි අවස්ථාව දෙමු කියලා. කැබිනට් එක අස්වෙලා ඔක්කොම එකතු වී වැඩ කරයි කියා හිතුවා. එහෙත් තමුන්නාන්සේලා එතන නැහැ. ඔබතුමාලට අවශ්‍ය පෝළිම් යුගයක්.

    ලංකා ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවො එළියට බහින විදියට වැඩ කළා.එය තමයි ඔබලාගේ සංස්කෘතිය. මේ රට විනාශ කරන්න එපා. පාසල් දරුවො පාරට දාලා මරන්න හදන්න එපා. මේ රටට සංචාරකයන් එන්න හදන කොටම තමුන්නාන්සේලා මේ රටම ගිනි තැබුවා. කිරි පිටි, ගැසී, විදුලිය මේව හරි සංවේදී ප්‍රශ්න, මේව අපි විසඳගමු. මේක අමාරු කාලයක්, අපි එය දනනවා.


    අපි කවුරුත් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න කැමති නැහැ. මේ ර‌ටේ ජනතාවට අප ආදරයෙන් කියනවා. 71-88-89 ව්‍යවස්ථාවෙන් පිට වැඩ කළා. එහි ප්‍රතිඵල ජනතාව වින්දා. කාටත් දේශපාලනය කරන්න රටක් තියෙන්න ඔින. මිනී මරන යුගයට මේ රට ගෙනයන්න එපා. අහිංසක අම්මල තාත්තලගෙ දරුවො කී දහසක් මැරුණද?මේ රට දුක්විඳින ජනතාවගේ සියළුම ප්‍රශ්න අපි ඒකතුවෙලා විසඳ ගමු.''යැයි පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya