මෙම රක්ෂණ වැඩසටහන යටතේ වාරික මුදල් අය කිරීමකින් තොරව උපරිමය අක්කරයකට රුපියල් 40,000 කට යටත්ව රුපියල් මිලියන 210 ක මුදලක් ගොවීන් 8,678 දෙනෙකුට වන්දි වශයෙන් ප්‍රදානය කෙරේ.
සියලුම ගොවීන්ට හිමි වන්දි මුදල් 2022 අප්‍රේල් 05 දින ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇත. 2022 අප්‍රේල් 06 සිට අදාල බැංකු ශාඛාවෙන් මුදල් ලබා ගත හැක.
වන්දි මුදල් ලබා ගැනීමට විධිමත් ලෙස අයැදුම්කර 2022 අප්‍රේල් 08 තෙක් වන්දි නොලැබුණ ගොවීන් මේ පිළිබඳ අභියාචනයක් තම ගොවිජනසේවා මධ්‍යස්ථානය මගින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.