රටේ පවතින වර්තමාන තත්වය සම්බන්ධයෙන් ඊයේ (07) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ඉන්ධන, විදුලිය සහ ගෑස් සැපයීමේදී ජනතාවට සිදු වූ අපහසුතාවය සම්බන්ධයෙන් කණගාටුව පළ කරනවා සේම එය යථාතත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මෙම අර්බුදයට විසඳුම් ලබා දෙනවා වෙනුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් කිරීමේ කාර්යයට විපක්ෂය නායකත්වය ලබා දී ඇතැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.