රටේ පවතින වර්තමාන තත්වය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා පැවසුවේ ,
රටේ ජනතාවට ප්‍රශ්න තිබෙනවා. ජනතාව ඒ නිසා පාරට බැස තිබෙනවා. විශේෂයෙන්ම කොළඹ තදාසන්න ප්‍රදේශවල ජනතාවට තිබූ අපහසුතා නිසා එම ජනතාව පාරට ආවා. ඒ් බව අපි පිළිගන්නවා.
දෙවියන්ගේ නාමෙන් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, උද්ඝෝෂණ කරන්න , පෙළපාලි යන්න. එක පොලු කෑල්ලක් , ගල් කැටයක් අතට ගන්න තැනට පත් කරන්න එපා.
1971, 88-89, 83 වර්ෂවලදී එවැනි ඉතිහාසයක් තිබුණා. අපිට අහිමි වු දේවල් අප්‍රමාණයි. කැලෑ නිතිය රජ කරවන තැනකට අද සමාජය ගේන්න ඇතැම් පිරිස් උත්සාහ කරනවා.
ජනාධිපතිවරයාගේ නිවෙස අසලට පැමිණි පිරිස බස් ගිනි තබමින් විවිධ උද්ඝේාෂණ සිදු කළද ජනාධිපතිවරයා අද වන තුරු මෙම උද්ඝෝෂණයන් අවහිර කිරීමට ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබා දී නැතැයිද රෝහිත අබේගුණවර්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. ඊට හේතුව ප්‍රජාත්‍රන්තවාදය බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය .