ඒ අනුව, ප්‍රධාන මාර්ගය ඉහළට සහ පහළටත්, උතුරු මාර්ගයේ ඉහලට සහ පහළටත් යන වශයෙන් විශේෂ දුම්රියයන් එක්කොට මඟීන්ගේ පහසුව තකා ධාවනය කිරීමටද කටයුතු සැළසුම් කර තිබේ.
එමෙන්ම, 8056/8057 අංක දරන ගාලු කුමාරි දුම්රිය, 4085/4086, 8085/8086 අංක දරන රජරට රැජිණ සහ 1045/1046 - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියයන් සඳහා අමතර මැදිරි එක්කිරීම සඳහා ද කටයුතු සැළසුම් කර ඇත.
මෙයට අමතරව මගී අවශ්‍යතාවය අනුව කොරෝනා වසංගත සමයේදී නවතන ලද මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ අංක 8060/8061 මෙම කාලසීමාතුල ධාවනය කරවීම සඳහා ද සැළසුම් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කෙරේ.