ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව පැවසිය.
මම මගේ මව්බිමට ආදරය කරනවා. සුදුස්සො ඉන්වා ඇති , ඒත් සුදුස්සෝ එන්නේ නැත්නම් මම මගේ බෙල්ල ගහල ගියත් මේ රට වෙනුවෙන් කළයුතු යුතුකම ඉටු කරනවා . ජනතාව මෙම ඩොලර් අර්බුදයට උදව් කළ යුත්තේ රට ස්ථාවර කිරීමෙන්, මේ සඳහා හොඳම උදාහණය පකිස්ථානය. ජනාධිපතිවරයා පිළිබඳ අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. එතුමා ඉතා අවංක නායකයෙක්. නිලධාරින්ගෙන් යම් යම් වැරදි උපදෙස් ලැබුණා කියල අපත් පිළිගන්නවා. අපි බලය ගිලිහෙන විට අනිත් පැත්තට මාරු වෙන් නැහැ. මේ කාර්යය අමාරුයි,උඩු ගම් බලා පීනා යාමක්. මොන බාධක තිබුණත් අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරු මෙම රජය රැක ගැනීමට පෙනී සිටීම සම්බන්ධයෙන් තමා ස්තුතිවන්ත වන බවද මුදල් අමාත්‍යවරයා කීය.
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට අද රට පත්වෙලා තිබෙනවා. එම ආරර්ථික අර්බුදයට වග කිව යුත්තේ කවුදැයි 1947 තෙක් සහ එහා ගිය හැකියි. නමුත් එමගින් අපේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන් නැහැ.කොවිඩ් වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය කඩා වැටෙයි කියා අපි බලාපොරොත්තු වුණේ නැහැ. ඉදිරියට යාමට නම් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ණය වශයෙන් ගෙවන්න තිබෙනවා.
අද වන විට ජ්‍යාත්‍යන්තර ප්‍රජාව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා සංගමය ඇතුළු සියළු දෙනාම මේ රටේ දේශපාලන අස්ථාවරභාවය , රටේ අනාගතයට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව පෙන්වා දී තිබෙනවා. යුද්ධයෙන් පස්සේ ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක තිබුණා. ඒහෙත් අද ඒ තත්ත්වය නෑ.
අද අපට තිබෙන විකල්පය නම් යම් කිසි ප්‍රමාණයකට ගෙවිය යුතු ණය මුදල් සඳහා අත් හිටවූ කාලයක් ගැනීමයි. රනිල් වික්‍රමසිංහ මහතාත් පෙන්වා දුන්නේ එයයි. ඒම කාලය තුළ ජ්‍යාත්‍යන්තරයෙන් මුදල් ලබා ගනිමන් මෙරට ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ආර්ථිකය නැවත දියුණු වන විට මේ රට නැවත ණය ගෙවිය හැකි තත්වයක් ඇති බවට විශ්වාසයක් ඇති වෙනවා. ඒ සඳහා මෙම අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතුයි. යැයි අමාත්‍යවරයා කීය.