පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

    අප්‍රේල් 09, 2022

     ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි

     ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාව වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළේ ය.

    ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව පිරිනැමූ මෙම පරිත්‍යාගය, කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී භාර දෙන ලදී. එම පරිත්‍යාගය විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත භාර දෙන ලදී.

    මෙම පරිත්‍යාගය මෙරටට එවීමේ කටයුතු ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති ශානිකා දිසානායක මහත්මිය සහ අම්මාන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සම්බන්ධීකරණය කරන ලදී.


    විදේශ කටයුතු අමාත්‍යාංශය

    කොළඹ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya