දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌවසහ මධ්‍යමපළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවලද, ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද
වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. (10) දින දහවල් 12:11 ට කොල්ලන්කුලම,
මහඋස්වැව, හම්මිල්ලෑව, සීගිරිය, පොළොන්නරුව, වැලිකන්ද සහ වාකනේරි යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.