පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා සහ පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි මෙනෙවියගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සහ කාරක සභා ක්‍රමය පිළිබඳව මාතලේ උකුවෙල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් සහ මාතලේ දිස්ත්‍රික්කයේ මහජන පුස්තකාලයන්හි පුස්තකාලායාධිපතිවරුන් දැනුවත් කෙරිණි.
පාර්ලිමේන්තුව විසින් ප්‍රකාශිත සාර සංහිතා ග්‍රන්ථය ඇතුළු ග්‍රන්ථ කට්ටලයක් පුස්තකාල සඳහා ප්‍රදානය කිරීමද මෙම අවස්ථාවේදී සිදුවිය.