ඒ මහතා මේ බව කියා සිටියේ, අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරික්ෂණ හා නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධ නවතම තොරතුරු පැහැදිලි කෙරෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවිධ මත දරන්නන්, විවිධ තනතුරු දරන්නන් විවිධාකාරයේ මත ඉදිරිපත් කරන අතර මෙම ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු තනිව පොලිසිය පමණක් සිදු කරන්නක් නොව මේ සඳහා කොට්ඨාස හතරකින් යුතුව සිදු කරන කාර්යයක් බවත්, මෙම පරීක්ෂණ කටයුතු සඳහා FBI මෙන්ම මාලදිවයින් බුද්ධි අංශ ද යොදාගෙන ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව, මෙම අපරාධය සම්බන්ධව මෙලෙස සිදු කරන පරීක්ෂණ සියල්ල මඟින් අපරාධකරුවන්, වැරදිකරුවන් නිශ්චිතව හඳුනාගෙන එකී අපරාධකරුවන් උසාවියේ දී වැරදිකරුවන් කිරීමට අවශ්‍ය නිශ්චිත තොරතුරු සොයා ගැනීම සිදු කෙරෙන බව සඳහන් කළ හෙතෙම, වර්තමානයේ දී උත්තරීතර තනතුරු දරන්නන් ඉදිරියට විත් නිකුත් කරන ඇතැම් ප්‍රකාශ මඟින් ඇතැම් කතෝලික ජනයා නොමඟ යැවීමට හැකි වන බවත්, එය ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.
මෙම විශේෂ මාධ්‍ය සාකච්ඡාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස්, පොලිස්පති සී.ඩි වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකශක නීතිඥ අජිත් රෝහණ, ප්‍රතිත්‍රස්ත මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරු සහභාගී වූහ.