පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් මිලියන 45ක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

    අප්‍රේල් 15, 2022

    රුපියල් මිලියන 45ක් පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

    ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අප්‍රේල් මස 13 වන දින රාත්‍රීයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150 ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත), සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු සහ උතුරුමැද නාවික විධානයන් එක්ව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් වෙරළ බඩ මුර යාත්‍රාවක් ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මුර සංචාරයේ නිරතව සිටියදී සැකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමට උත්සහ කිරී‍මේදී, එම ඩිංගි යාත්‍රාව උර කිහිපයක් මුහුදට දමා පලා යාමට උත්සහ දරන ලද අතර, එම ඩිංගි යාත්‍රාව සැකකරුවන් තිදෙනෙකු (03) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට උතුරු මැද නාවික විධානය විසින් කටයුතු කරන ලදී. තවද, එම මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් නාවික හමුදා මෙහෙයුම් හමුවේ එම සැකකටයුතු ඩිංගි යාත්‍රාවෙන් මුහුදට දමා යන ලද, උර 04ක් තුළ පාර්සල් 68 ක්ව ශයෙන් අසුරන ලද කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 150ක පමණ ප්‍රමාණයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගන්නා ලදී. මෙම මෙහෙයුමේ දී නාවික හමුදා භාරයටගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 45ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

    මෙලෙස නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 22ක් සහ 49ක් වන මන්නාරම සහ පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya