පෙබරවාරි 06, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදාව දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කරයි

    අප්‍රේල් 15, 2022

    බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 අප්‍රේල් මස 07, 11 සහ 12 යන දිනයන්හි ක්‍රියාත්මක කෙරිණි.

    තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය බද්දේගම, දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟීන් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබයි.

    ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින් සහ ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ සමන්විත කණ්ඩායමක් යොදවා එම එක්රැස්ව තිබූ අපද්‍රව්‍ය වාරිමාර්ග දෙපාර්ථමේන්තුවේ නිලධාරින් සමඟ එක්ව දොඩංගොඩ, අගලිය සහ වක්වැල්ල යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත්කර, ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, එමඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගං වතුර අවධානම වැළැක්වීමට හැකි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya