විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මහතා, සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යනාදී හු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී පරිත්‍යාගශීලී ජාතීන් දැනුම්වත් කළහ.
මෙහිදී, මේ වන විට ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග සහ එළඹෙන සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ මූලික කටයුතු පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරන ලදී.
අතරමැදි කාලසීමාව තුළ මූල්‍ය කටයුතුවලට සහය වන ලෙස අමාත්‍යවරු මෙහිදී පරිත්‍යාගශීලී ජාතීන් වෙත ඇරයුම් කළහ. මෙහිදී ඔවුහු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අතර, පුළුල් සාකච්ඡාවලට ද සහභාගී වූහ.
විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.
- විදේශ කටයුතු අමාත්‍යාංශය