මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සිදු කරනු ලබයි.
ඒ අනුව, ශ්‍රීලංනානෞ මිහිකත නෞකාව මඟින් මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේ මුර සංචාරයේ නිරතව සිටියදී මුහුදේ පාවෙමින් තිබූ සැකකටයුතු උර කිහිපයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එහිදී ගෝනි උර 02ක පාර්සල් 50 ක් ලෙස අසුරන ලද කේරළ ගංජා කිලෝ 197 ග්‍රෑම් 60ක පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
නාවික හමුදා මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම් කරුවන් විසින් මෙම කේරළ ගංජා තොගය මුහුදට දමා පලා යන්නට ඇතැයි විශ්වාස කරන අතර, නාවික හමුදා භාරයටගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 59කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
මෙලෙස නාවික හමුදා භාරයටගත් කේරළ ගංජා තොගය නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ අධීක්‍ෂණය යටතේ ගිනි තබා විනාශ කිරීමට නියමිතව ඇත.